යාන්ත්‍ර විද්‍යාව(2000-2023)
වර්ගීකරණය කරන ලද පසුගිය වසරවල(2000-2023) අ.පො.ස. උ.පෙ. භෞතික විද්‍යාව රචනා ප්‍රශ්න :යාන්ත්‍ර විද්‍යාව 2000 (i)විවෘත අවකාශයක් තුළ තිරස් දිශාවක් ඔස්සේ v නියත ප්‍රවේගයෙන් සුළං හමා යයි. වාතයේ ඝනත්වය ρ ලෙස සලකා, චලනය වන වාත කඳක ඒකක පරිමාවක් සතු චාලක ශක්තිය (E) සඳහා ප්‍රකාශනයක් ලියන්න. (ii) සුළං මෝලක භ්‍රමණය වන පෙති මඟින්, සුළඟ රැගෙන යන චාලක ශක්තිය උකහා ගත හැකි අතර පසුව එම ශක්තිය ප්‍රයෝජනවත් ශක්තියක් බවට පරිවර්තනය කර ගත හැක. සුළං මෝලක පෙති භ්‍රමණය වන තලයට අභිලම්බ ව සුළඟ හමන අවස්ථාවක් සලකන්න. භ්‍රමණය වන පෙත්තක් මඟින් කපා හරිනු ලබන ක්ෂේත්‍ර ඵලය A වේ. A හරස්කඩ ක්ෂේත්‍රඵලය හරහා හමන සුළඟේ සම්පූර්ණ චාලක ශක්තිය ම පෙති මඟින් ලබාගත හැකි යයි උපකල්පනය කර සුළඟේ ශක්තිය සුළං මෝල විසින් ලබා ගන්නා සීඝ්‍රතාවය ½ρAv³ බව පෙන්වන්න. (iii) එක්තරා සුළං මෝලක් නිදහසේ කරකැවෙන අවස්ථාවක ( එනම් එය ජල පොම්පයක් වැනි වෙතත් උපකරණයකට බද්ධ නො කර ඇති අවස්ථාවක) එහි පෙති මිනිත්තුවකට වට 30 ක නියත කෝණික වේගයක් සහිත ව භ්‍රමණය වෙමින් පවතී. එක් වරම සුළං හැමීම නැවතුන විට සර්ෂණ බල හේතු කොට ගෙ...